08 වන වාර්ෂික මහ සභා රැස්වීම සහ සුහද හමුව

 

වැඩ සටහන් පෙළගැස්ම

 

6.30    සාමාජික මහතුන් ලියාපදිංචි කිරීම.

7.30    මහ සභා රැස්වීමේ ආරම්භය

7.35   ආගම් සිහි කිරීම.

7.40   නැසී ගිය සාමාජිකයන් ඇතුලු රණවිරුවන් සිහි කිරීම.

7.45   සභාපති තුමා සභාව ඇමතීම.

             7.50   ලේකම් තුමා ලිපි ලේඛන සභාගත කිරීම

             8.00   පසුගිය සභා වාරයේ වාර්තාව ඉදිරිපත් කිරීම සහ සම්මත කිරීම

             8.10   භාන්ඩාගාරික තුමා සංගමයේ මුදල් තත්වය පැහැදිලි කිරීම

             8.20   නව නිළධාරී මණ්ඩලය පත් කිරීම

             8.25   ලේකම් තුමාගේ ස්තූති කථාව

             8.30   උත්සව සභාවේ ආරම්භය.

8.35    ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුලු අනෙකුත් ආරාධිතයන් පිළිගැනීම හා මුලසුන වෙත කැඳවාගෙන යාම.

8.45    පොල්තෙල් පහන දැල්වීම.

  8.50    සභාපති තුමා සභාව ඇමතීම.

9.00    සුහද හමුව ආරම්භය.

 

               මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ මහ සභා රැස්වීම මොරටුව කොරලවැල්ල රන්දිය හෝටලයේදී පවත්වන ලදි. පස් වසරක් පිරීම නිමිත්තෙන් මහ සභා රැස්වීම සහ සුහද හමුව 2014 ක්වූ ජූලි මස 18 වන දින සාමාජික මහත්ම මහත්මීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවුත් වූ අතර එදින නවක සාමාජිකයින් විශාල පිරිසක් අපගේ සාමාජිකත්වය ලබා ගැනීම විශේෂ කාරණාවකි.

             ප්‍රථමයෙන් ගරු සභාපති එම්.ජී.එල්. ගුණවර්ධන මැතිතුමා සභාව පිළිගෙන තම තමන්ගේ ආගම් සිහි කර ඉන් අනතුරුව මියගිය රණවිරුවන් ඇතුලු සියළුම දෙනා සිහිකර විනාඩියක නිශ්ෂබ්දතාවයක් පවත්වන ලදි. හිටපු ආරම්භක සභාපති ගරු කුසුමපාල අමරසිංහ මහතා වෙනුවෙන් විශේෂ සිහි කිරීමක්ද කරන ලදි.

             ඉන් පසුව සභාව අමතමින් පැමිණි සිටළුම දෙනා හට ස්තූතිය පුද කරමින් මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ ගමන් මග  අපගේ ක්‍රියාකාරකම්, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ව්‍යපෘති ගැන දීර්ඝ හැඳින්වීමක් කරන ලදි. එම කාලය තුල තමාගේ මෙහෙයවීම මත සිදූකල සෑම ක්‍රියාකාරකම් පිළිබඳව වෙන් වෙන් වශයෙන් විස්තර කරන ලදි. ඒ සඳහා අප වෙත සහයෝගය දැක්වූ අය අතර ජේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා වෙත විශේෂ ස්තූතිය පුද කරන ලදි. ඊට අමතරව කම්කරු දෙපාර්තමේන්තුව, ආදායම් බදූ දෙපාර්තමේන්තුව, පාරිභෝගික අධිකාරිය ගැනද විශේෂ මතක් කිරීමක් කර ඔවුන් වෙතද ස්තූතිය පුද කරන ලදි.

             සභාවෙන් ඉදිරිපත් වූ යම් යම් කරුණු ගැනද එතුමා පිළිතුරු සැපයීමට නොපසුබට විය.

             එසේ අදහස් දැක්වමින් ගරු සභාපති එම්.ජී.එල්. ගුණවර්ධන මැතිතුමා ලේකම් හට පසුගිය සභා වාරයේ වාර්තාව ඉදිරිපත් කිරීමට ආරාධනා කරන ලදි. ප්‍රධාන ලේකම් තුමා 2009 සැප්තැම්බර් මස 26 වන දින පැවැත්වූ මහ සභා රැස්වීම සහ සුහද හමුවේ වාර්තාව ඉදිරිපත් කරන ලදි.

             සියළු විස්තර ඇතුලත් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව සංශෝධන පිළිබඳ යමක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කරන ලදි. සංශෝධන ලෙස ඉදිරිපත් වූයේ ආරම්භක සභාපති කුසුමපාල අමරසිංහ මහතාගේ සේවාව පිළිබඳ පැහැදිලි ලෙස වාර්තා නොවීමයි. පසුව එය නිවැරදි ලෙස සංශෝධනය කර සත්‍ය වාර්තාවක් ලෙස කේ.එල්. අබේසිංහ මහතා විසින් යෝජන කල අතර මෙවන් ද සිල්වා මහතා විසින් එය ස්ථිර කරන ලදි.

             ගරු භාණ්ඩාගාරික තුමාගේ අවස්ථාව උදාවූයේ ඉන් අනතුරුවය. එතුමා ව්‍යාපාරික සංගමයේ මුදල් තත්වය සවිස්තරාත්මකව පැහැදිලි කරනු ලැබීය. මුදල් ගනුදෙනු කටයුතු සඳහා මහජන බැංකුව මොරටුව ශාඛාව තෝරාගෙන තිබුන අතර, එම අවස්ථාවේ බැංකු බැර ශේෂය රු.27,300/ ක් විය. එම බැර ශේෂයෙන් රු.250,000/ ක් ස්ථිර තැන්පතුවක් ලෙස බැංකුගත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද භාණ්ඩාගාරික තුමා පැවසීය. එම මුදල් තත්වය පිළිබඳවද ප්‍රශ්නයක් පැන නොනැගුන නිසා සභාවේ වැඩ කටයුතු වෙනස් මග කට යොමු වීමයි.

             එනම් නව නිලධාරී මණ්ඩලය පත්කිරීමට වෙලාව උදාවීමයි. භාරකාර මණ්ඩලයට කටයුතු පවරා දී සියළුම සාමාජික මහතුන් තම තනතුරු වලින් ඉල්ලා අස්වී ප්‍රධාන වේදිකාවෙන් ඉවත් විය.

             ප්‍රථම කාර්යය වූයේ නව ලේකම් කෙනෙකු පත්කර ගැනීමයි. ප්‍රථමයෙන් මානිල් වීරසිංහ මහතාගේ නම යෝජනා විය. වෙනත් කිසිම කෙනෙකුගේ නමක් යෝජනා නොවූයෙන් මානිල් වීරසිංහ සෑම දෙනාගේ ආශිර්වාදය මැද ගෞරවාන්විත නිලයක් වන ලේකම් තනතුරේ වැඩ භාර ගන්නා ලදි. ඉන්පසුව ගරු සභාපති තුමා ලෙස ඩී.ජේ. එස්.  ප්‍රනාන්දූ මහතා යෝජනා කරන ලදි. ශ්‍රීධරන් දේවදාස් මහතා කළ යෝජනාව ටී.එල්.අයි. ප්‍රසන්න මහතා විසින් ස්ථිර කරන ලදි. ගරු භාණ්ඩාගාරික තුමා තරඟයකින් තොරව එම තනතුරම පිහිටිවිය හැකි බව යෝජනා කලේ ප්‍රිංස්ලි වංශනාථ මහතාය. සභාපති තුමා එම්.ජී.එල්. ගුණවර්ධන මහතා විසින් එය ස්ථිර කරන ලදි. ප්‍රධාන සංවිධායක ධූරයේ හිටපු ටී.එල්.අයි. ප්‍රසන්න මහතා එම ධූරයෙන් ඉවත්වූ නිසා ශ්‍රීධරන් දේවදාස මහතා ප්‍රධාන සංවිධායක තනතුර සඳහා සුදූසුම පුද්ගලයා බව මුළු සභාවේම අනුදැනුමෙන් නිතරඟයෙන් පත්වන ලදි.

             කාරක සභාවේ මහත්වරුන්ද නොවෙනස්ව සිටිය යුතු බවට සභාවෙන් යෝජනා විය. අළුත් නම් වශයෙන්:            

                                                    *කේ.ඩී. හිමාල්

                                                    *අයේශි ද සිල්වා              

                                                    *එම්.බී.ඩී.ඩී. අමරසිරි මයා

                                                    *සංගීතා සමූහයේ අධිපති තුමා            ඒ අතර විය. එම කටයුතු අවසාන වනවිට සභාව ලේකම් හට ස්තූති කථාව කර වැඩ කටයුතුද අවසන් කරන ලෙසට ගරු සභාපති තුමා විසින් පවසන ලදි.

තමා ලේකම් ධූරයට පත් කිරීම සම්බන්ධව ප්‍රථමයෙන් ස්තූති කර පසුව ප්‍රධාන වේදිකාවේ සිටි අයට ස්තූතිය පුද කරන ලදි. නගරාධිපති තුමා, පළාත්සභා මන්ත්‍රී මොරිස් විජේරත්න  මැතිතුමා, මූලස්ථාන පොලිස් පරික්ෂක තුමා (මොරටුව), ගල්කිස්ස මූ.පො.ප. ඉද්දමල්ගොඩ මහතා ඇතුලුමෙදින මහ සභා රැස්වීමට සහභාගිවූ සියළුම දෙනා හටත් අනුග්‍රාහකත්වය ලබා දීමෙන් සහ සමරු කලාපය වෙනුවෙන් දැන්වීම් සැපයූ සියළුම දෙනා හටත් මෙම උත්සවය සංවිධාන කිරීම සඳහා කැපවූ දෙනා හටත් නම් කියපු නොකියපු සැමදෙනා හටද හෘදයාංගම ස්තූතිය ව්‍යාපාරික සංගමය වෙනුවෙන් සුභාශිංසන කල ලේකම් විසින් සභාවේ වැඩ කටයුතු අවසන් කරන ලදි.

 

මානිල් වීරසිංහ

විධායක ලේකම්

Rounded Rectangle: ව්‍යාපෘති
Rounded Rectangle: සාමාජිකයන් 
Rounded Rectangle: ගැලරිය
Text Box:

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය 

Text Box: අප ගැන 
Text Box: පුවත් වාර්තා 
Text Box: විමසීම්
Text Box: මුල් පිටුව

ලිපිනය

අංක: 437, ගාලුපාර, රාවතාවත්ත, මොරටුව

දුරකථන අංකය

0714277363

මුහුණු පොත

MoratuwaBusinessSoceity

කතු හිමිකම

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය. සියලු හිමිකම් ඇවිරිණි.

නිමැවුම සහ සම්බන්ධීකරණය "කියෝශ් ටෙක්නොලොජීස්"

විද්‍යුත් තැපෑල

info@mubs.lk

Related imageImage result for white home icon gifImage result for white home icon gifImage result for white facebook icon gifImage result for white copyright icon