පුරා අට වසරක කාලයක් තුළ සාර්ථකව ඉදිරියටම ආ මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරනුයේ මහත් ආඩම්බරයෙනි.

ප්‍රථමයෙන්ම මෙවැනි ව්‍යාපාරික සංගමයක් පිහිටු වීමට පුරෝගාමීන් වූ සියළු දෙනා සිහිපත් කරන අතර ඔවුන්ගේ ධෛර්ය හා කැපවීම මත ගොඩ නැගුන මෙම මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය අද වන විට ලබා ඇති ශක්තිය අතිමහත්ය.

මොරටුව ප්‍රදේශයේ සියළුම ව්‍යාපාරිකයන්ගෙන් සැදූම්ලත් මෙම ව්‍යාපාරික සංගමය ජාති, ආගම්, කුල භේද වලින් තොර වීම විශේෂ ලක්ෂණයකි. කුඩා පරිමාණයේ හා මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්, රාජ්‍ය බැංකු,

පෞද්ගලික බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ සමාගම් ඇතුලු ව්‍යාපාරික ප්‍රජාවගේ එකමුතු භාවය පෙන්නුම් කරන මෙවැනි පසුබිමක් මත ගොඩනැගුණු මෙම ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන අරමුණ ව්‍යාපාරිකයන් හට මුහුණ දීමට සිදූවන ගැටළුකාරී අවස්ථා වලදී ඔවුන් හට ශක්තියක් වීමයි.

වසර ගණනාවක සිට ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වූ නිල වෙබ් අඩවිය අට වසරක් සම්පූර්ණ වීමෙන් පසුව ස්ථාපනය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකමි. දිනෙන් දින දියුණුවන ලෝකයේ නව තාක්ෂණය සමග  ඉදිරියට යෑමට මෙය මහත් රුකුලක් වන අතර ජාත්‍යන්තරය සමග  සම්බන්ධ වී ව්‍යාපාරික සංගමයේ වැඩ කටයුතු සඳහා ද මෙය මහඟු අවස්ථාවක් බව මාගේ හැඟීමයි. ඉදිරියේදී මෙමඟින් ව්‍යාපාරික සංගමයේ සියලූම කටයුතු වෙබ් අඩවිය තුලින් ද යාවත්කාල කර එමඟින් ඕනෑම අවස්ථාවක වෙබ් අඩවියට පිවිසීමෙන් විස්තර ලබාගත හැක. එවැනි අභියෝගයක් භාරගෙන ඉතා සුලූ කාලයක් තුල එය නිමකර ගැනීමට හැකිවීම මාගේ බලාපොරොත්තුව සඵල වීමකි. ඔබගේ සියලූ අදහස් සහ යෝජනා ස්තූති පූර්වකව භාර ගතිමි.  

මාගේ ඒකායන බලාපොරොත්තුව මෙවැනි ශක්තිමත් මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය දිනෙන් දින ඉහළම තලයක වැජඹෙනවා දැකීමයි. සියළු කටයුතු අති සාර්ථක වේවායි සුභ පතමි.

 

මානිල් වීරසිංහ

විධායක ලේකම්

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමයේ විධායක ලේකම් තුමාගේ සුභාශිංසනය

Rounded Rectangle: ව්‍යාපෘති
Rounded Rectangle: සාමාජිකයන් 
Rounded Rectangle: ගැලරිය

සභාපති තුමාගේ සුභාශිංසනය

භාණ්ඩාගාරික තුමාගේ සුභාශිංසනය

ප්‍රධාන සංවිධායක තුමාගේ සුභාශිංසනය

Text Box:

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය 

Text Box: අප ගැන 
Text Box: පුවත් වාර්තා 
Text Box: විමසීම්
Text Box: මුල් පිටුව

ලිපිනය

අංක: 437, ගාලුපාර, රාවතාවත්ත, මොරටුව

දුරකථන අංකය

0714277363

මුහුණු පොත

MoratuwaBusinessSoceity

කතු හිමිකම

මොරටුව එක්සත් ව්‍යාපාරික සංගමය. සියලු හිමිකම් ඇවිරිණි.

නිමැවුම සහ සම්බන්ධීකරණය "කියෝශ් ටෙක්නොලොජීස්"

විද්‍යුත් තැපෑල

info@mubs.lk

Related imageImage result for white home icon gifImage result for white home icon gifImage result for white facebook icon gifImage result for white copyright icon